බෙහෙත් තිත්ත වෙලාලු


ප්‍රතිජීවක, වේදනා නාශක හා ආලේපන ඖෂධ මිල 15% සිට 30% දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

එම ඖෂධ අතර පැරසිටමෝල්, ඇමොක්සලීන් හා පෙනිසිලීන් ඖෂධ ප්‍රධාන බවත් පෞද්ගලික අංශයේ ඇතැම් වෙළඳුන් එම ඖෂධ හිතුමතේ අලෙවි කරන බවත් එම සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා පවසයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔසුසල් මගින් අලෙවි කැරෙන ඇතැම් ඖෂධ මිල ඉහළ දමා ඇතැයිද ඔහු සඳහන් කළේය.