බෙලිඅත්ත එජාප ආසන සංවිධායක විමල් ජයසිරි මහතා ගේ නිවසට ඊයේ රාත්‍රී(01) ප්‍රහාරයක් එල්ල වී ඇතැයි බෙලිඅත්ත පොලීසිය කියයි.
ගිනි අවි රැගත් පහළොවකින් පමණ සමන්විත කණ්ඩායමක් ප්‍රහාරයට පැමිණි බවත් ප්‍රහාරයෙන් නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදි කිහිපයකට හා දේපොළවලට හානි සිදු වී ඇති බවත් ජයසිරි මහතාගේ බිරිඳට ද සුළු තුවාල සිදු වූ බවත් කියති.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද ප්‍රචාරක ලිපි ලේඛන රැසක් ප්‍රහාරයට පැමිණි පිරිස විනාශ කළ බවත් ජයසිරි මහතා කියයි.

