කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඥානවිමල මහ නාහිමියන් (95) කොල්ලුපිටිය වාළුකාරාමයේදී අපවත් වූහ.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මහඟු මෙහෙවරක් ඉටු කළ උන්වහන්සේ පාලි සංස්කෘත ඉංග්‍රීසි ඇතුළු භාෂා කිහිපයක ප්‍රවීණත්වය ලැබූ හිමි නමකි. ඥානවිමල හිමියෝ අනගාරික ධර්මපාලතුමන්ගේ මෙහෙවර ඉදිරියට ගෙනයාම සඳහා ඉන්දියාවේ ධර්ම දූත සේවාවේද නිරතවූ අතර ලන්ඩනයේ තේම්ස් භාවනා මධ්‍යස්ථානය මූලික කරගනිමින්ද ධර්ම දූත සේවාවේ යෙදුනහ. උන්වහන්සේ රචනා කරන ලද ‘‘පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක්” නම් ග්‍රන්ථය වඩාත් කථාබහට ලක්විය.


