බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති පී.එම්. අම්සා මහතාගේ විශේෂ පරිශ්‍රමයක් ඇතිව තානාපති කාර්යාලයය බෙල්ජියමේ වසන ශ්‍රී ලාංකා ජනතාවගේ හා වෙනත් බෞද්ධ සංවිධානයන්හි සහය ඇතිව සංවිධානය කළ වෙසක් උත්සවය තානාපති නිල නිවසයේදී පැවැත්විණි.
බංගලිදේශ,භූතාන,කාම්බෝජ,බුරුම,නේපාල,පකිස්තාන පිලිපීන,තායිලන්ත හා ශ්‍රී ලංකාව යන රටවල් නවයක තානාපතිවරු අතුළු නිලධාරීන් මෙම උත්සවයට සහභාගී වුහ.
වෙසක් දිනය නිවාඩු දිනයක් කිරීමට එවකට විදේශ අමාත්‍යව සිටි ලක්ෂ්මන් කදිරගාමර් අමාත්‍යවරයා ගෙන ආ යෝජනාව ජයග්‍රහණය කිරීමට අපට සහය දුන් රටවල් වලට ගෞරවයක් වශයෙන් එම රටවල් තානාපතිවරුන්ට ආරාධනා කල බව අම්සා තානාපතිවරයා සදහන් කළේය.
ලෝකයට උසස් දර්ශනයක් ගෙන දුන් ශ්‍රේෂ්ඨ ආගමික ශ්‍රාස්තෘවරයකු ලෙසට බුදුරජාණන් වහන්සේට ලෝකයම ගෞරව දක්වන බව තානාපති කීවේය.
ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුගාගස්යායේ ඤාණිස්සර නා හිමියන්ගේ මුලිකත්වයෙන් බුද්ධ පුජා,භාවනා,පිරිත් දේශන ඇතුලත් ආගමික කටයුතු සිදුවිය.බෙල්ජියමේ වැඩ වසන තායි ජාතික ප්‍රා සුදින විදු හිමියන්ද තායි හිමි නමක්ද ඤාණිස්සසර හිමියන්ට සහය වුහ.
නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි ප්‍රධාන පාර්ලිමේන්තු නියෝජිතයෝ පිරිසක්ද මේ අවස්තාවට සහභාගී වුහ.
ෂඩ් වර්ණ බෞද්ධ කොඩි ඇතුලු රටවල් කිහිපයකට අයත් ආගමික කොඩිවලින් මෙන්ම ශ්‍රී ලාංකිකයින් පිළියෙළ කළ දර්ශණීය වෙසක් කූඩු වලින් උත්සව භූමීය අලංකාරවත් කැර තිබිණි. ලසන්ත තේනුවරද සිල්වා මහත්මියගේ මුලිකත්වයෙන් ශ්‍රී ලාංකිකයින් ඉදිරිපත් කළ භක්ති ගීත සංදර්ශනය කාගේත් සිත් ගත්තේය.
තායිලන්ත ආගමික නැටුම් දෙකක්ද මෙහිදී ඉදිරිපත් කළ අතර උත්සව කටයුතු මෙහෙයවනු ලැබුවේ තානාපති කාර්යාලයයේ සමන්තා ජයසුරිය මහත්මිය විසිනි.
[[