බෙල්ජියමට යන බංගලි හොරයක් අල්ලයි


ව්‍යාජ වාස වීසා පත්‍රයක් භාවතා කරමින්  ශ්‍රී ලංකාවේ සිට ඉතාලිය හරහා බෙල්ජියමට යාමට උත්සහ කළ ‍බංගලිදේශ ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 581 දරණ ගුවන්යානයෙන් රෝමයට යාමට පැමිණ සිටියදී   ගුවන් සමාගමේ  නිලධාරීන් විසින් ලියකියවිලි පරීක්ෂා කර ඇත.

එහිදී ඔහු ලඟ ව්‍යාජ වාස වීසා පත්‍රයක් ඇති බව අනාවරණය කරගැනීමෙන් අනතුරුව අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.