
(ගයාන් සූරිය ආරච්චි,හිරාන් ප්‍රියංකර සහ එච්.චන්දන)
ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගය හෙලිකොප්ටර් යානයේ හදිසිය ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් වෙන්නප්පුව ප්‍රදේශයේ දී ගොඩ බෑමට යාමේදී සිදුවූ අනතුරකින් එහි සිටි ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කළ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එරන්ද ගීගෙනගේ මහතා පැවසීය.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ලුණුවිල පාලම අසල අවතැන්ව සිටින ජනතාවට ආහාර බෙදීම සඳහා එම හෙලිකොප්ටර් යානය ගොස් තිබූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එම හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීමෙන් අනතුරුව ජලයට වැටී ඇති අතර අවට සිටි පිරිස් එක්ව ගුවන් නියමුවා ඇතුළු පස්දෙනකු මාරවිල රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ බෙල් 212 වර්ගය හෙලිකොප්ටර් යානයකි.
එම අවස්ථාවේ දී සිහි මුර්ජාවෙන් සිටි ගුවන් නියමුවකුට එහි සිටි පිරිස් ප්‍රථමාධාර ලබාදීමද සිදු කෙරුණු අතර හෙලිකොප්ටරේ ගුවන් නියමුවා ඇතුළු පස්දෙනා කඩිනමින් මාරවිල රෝහලට ඇතුළත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එහි සිටි එක් ගුවන් නියමුවකු බරපතල තත්ත්වයෙන් පසුවන බවද ආරංචි මාර්ග පැවසුවේ ය.

