බෙරගලත් ගල් පෙරළෙන ලකුණු


කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර ඉහළ කන්දෙන් ගල් පෙරලීමේ අවදානමක් ඇති බැවින් එම මඟ දෙපස පදිංචි පුද්ගලයින් 200 දෙනකු පමණ හල්දුම්මුල්ල දෙමළ මහා විදුහලට යැවූ බව බදුල්ල ආපදා කරණ මධ්‍යස්ථානය කියයි.

ප්‍රදේශය පුරා දැඩි මීදුමක් ද පවතින බැවින් වාහන ධාවනයේදී සුපුරීක්ෂාකාරී වන ලෙස ඉල්ල සිටින අතර රාත්‍රී කාලයේ වාහන ධාවනයෙන් වැලකී සිටින ලෙස රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.