හපුතලේ සිට බෙරගලට යමින් තිබූ ට්‍රක් රථයක් අද (20) සවස හපුතලේ නගරයට ආසන්නයේදී පාරෙන් ඉවතට පැන ආපන ශාලාවකට ඇතුළුවීමෙන් රියදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.
එම ට්‍රක් රථයේ ට්‍රේලරය ඉදිරිපස කොඩසින් වෙන්වීමෙන් රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව අනතුරට පත්ව ඇති බවත් රියදුරු අසුනේ සිරවී සිටි රියදුරා බේරාගැනීමට බැකෝ යන්ත්‍රයක්ද උපකාරී කරගත් බවත් පොලිසිය පවසයි.




