බෙන්තොට ධීවර කර්මාන්ත ඉතිහාසයේ එකවරකදී ලැබුණු ඉහළම මත්ස්‍ය අස්වැන්න ලෙස සැලකිය හැකි පරා මාළු 3000 ක පමණ විශාල තොගයක් අද (4) බෙන්තොට වරාහේන මුහුදු තීරයේ එළන ලද මා දැලකට හසුවූ බව ධීවරයෝ කියති.
එක පරාවෙක් කිලෝ හතරේ සිට හත දක්වා පමණින් යුක්තවූ බවත් දිවයිනේ ප්‍රදේශ රැසකින් පැමිණි පිරිස් මාළු තොගය මිලදී ගත් බවත් ධීවරයෝ පැවසූහ.
පරා මාළු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 4කට වඩා වැඩි බව කියති.