බෙන්තොට ප්‍රාදේශිය සභා සභාපති ගයාන් සිරිමාන්න රුපියල් දෙලක්ෂයක බැගින් ශරීර ඇප මතද උප සභාපති රංජිත් ශ්‍රී ලාල් වික්‍රමසිංහ රුපියල් පනස්දහසක ශරීර ඇප මතද මුදා හරිනු ලැබුහ.
බලපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා ඔවුනට ඇප නියම කළේය.
බෙන්තොට ප්‍රාදේශිය සභාවේ මුදල් කමිටු රැස්වීමේදී සභාපති උපසභාපතිට පහර දී දතක් කැඩුණු බවට ද උපසභාපති තමා ට ගැසු බවට සභාපතිද පැමිණිලි කළහ.