බෙනට් කුරේගේ පත්වීම ඉතාලිය අනුමත කරයි


නාවලගේ බෙනට් කුරේ මහතා ඉතාලියේ නව තානාපති වශයෙන් පත් කරමින් ශ්‍රී ලංකාව කළ දැනුම්දීම ඉතාලි ජනාධිපති ජොර්ජෝ නපොලිතානෝ බ්‍රහස්පතින්දා අනුමැතිය දුන් බව ඉතාලි රජය කියයි.

මේ බව ඉතාලි විදේශ අමාත්‍යංශය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයට දන්වා ඇත.

පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන කුරේ මහතා ඉතාලි තානාපති ලෙස පත්ව යනුයේ අසිත පෙරේරා මහතාගෙන් පුරප්පාඩු වූ තනතුර සඳහායි.