රෝමයේ නව ශි‍්‍ර ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා පසුගිය දා රෝම ධර්මාශෝක විහාරස්ථානයට ගොස් තුනුරුවන්ගේ ආශිර්වාදය ලබාගත්තේය.
විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියන්ගේ වහන්සේ නව තානාපතිතුමාට ආශිර්වාදය පළ කරමින් තානාපති කාර්යාලයෙහි පවතින අඩුපාඩු පෙන්වා දුන්නාය.
ඉදිරියට ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පෙනි සිටිමින් සාර්ථකව තානාපති ධූරයෙහි කටයුතු මෙහෙයවීම උදෙසා නව තානාපතිට අවවාද අනුශාසනා කළහ. එම උපදෙස් ඉතාම නිහතමානිව පිළිගත් කුරේ මහතා මහාසංඝරත්නයෙහි අවවාද අනුශාසනා ඉදිරියට ද බලාපොරොත්තු වන බව පැවසීය.
තානාපති කාර්යාලය සදහා නව ගොඩනැගිල්ලක් සොයා ගැනීම තමාගේ ප‍්‍රමුඛ කටයුක්තක් බව පැවසූ ඔහු එය ඉතාමත් ඉක්මනින් සිදු කරන බව පැවසීය. මෙම අවස්ථාවට විහාරවාසි කටුවන සිද්ධත්ථ හිමියන් සහ තානාපති බිරිද ද සහභාගි වුහ.