ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා මාරුකර යැවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
1964 දී මහජන එක්සත් පෙරමුණේ සාමාජිකයකු ලෙස දේශපාලනය ආරම්භ කළ ඔහු 1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් විය. 1991 දී කොටිකාවත්ත ප්‍රදේශිය සභාවට තේරී පත්විය.1994 දී බස්නාහිර පළාත් සභාවටත් ඒ වසරේ මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවටත් තේරී පත් විය.1999 දී ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය ඇමති විය. ඔහු වැඩ භාර ගන්නා දිනය තවම දැනගන්නට නැත.රෝමයේ සිටින අසිත පෙරේරා තානාපති සෙනසුරාදා එමිරේට්ස් ගුවන් සේවයෙන් ශ්‍රී ලංකාවට පිටත් වීමට නියමිතය.
මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාණි බුලත්ගම මහත්මිය රෝම තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශිකාව වෙතියිද දැනගන්නට ඇත.