බෙදුම්කරුවෝ තෙල් ඇනවුම් කිරීමෙන් ඉවත් වෙති


(යොහාන් භාසුර)

ඉන්ධන හල් හිමිකරුවන් අද (28) රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කරන බවත් සියලුම ඉන්ධන ඇනවුම් අවලංගු කරන බවත් ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.

කොළඹදී රැස්වූ ඉන්ධන බෙදුම්කරුවන් මීට සුළු මොහොතකට පෙර මෙම තීරණයට එළඹ් බවත් බෙදුම්කරුවන්ගේ සියයට 3 ක කොමිස් මුදල කපාහැරීමට විරෝධය දක්වමින් මෙම තීරණයට එළඹි බවත් එම නිලධාරියා කීය.