බෙදුම් නඩු පොත 12 දා එළි දකි


නීතීඥ ගාමිණි කබ්රාල් මහතා විසින් ලියන ලද බෙදුම් නඩු කෘතිය ලබන 12 වැනි දා කෙළඔ 12 මිහිඳු මාවතේ  පස්වරු 2 ට ශ්‍රී ලංකා නීතීඥ සංගම් මුලස්ථානයේදී මෙම කෘතිය  එළි දැක්වේ.

වසර 40ක පමණ කාලයක් පුරා නීතීඥ වෘත්තියේ නියැලෙන නීතීඥ ගාමිණි කබ්රාල් මහතා ඒ කාලය තුළ බෙදුම් නඩු සම්බන්ධයෙන් ලබා ඇති හසළ අත්දැකීම් වලින් ලැබු දැනුම් සම්භාරය බෙදුම් නඩු කෘතියට පාදක කරගෙන ඇත.

නීතී විශාරදයින් ඇතුළු පිරිසක් සහභාගීවීමට  නියමිතය.