බෙකම් මුල්තැන දෙන්නේ පවුලට


Victoria-Beckham2-20131120-3හිටපු ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයෙකු වන ඩේවිඩ් බෙකම් කියන්නේ ඉතාම ආදරණීය චරිතයක් කියලා ඔහුගේ බිරිඳ වන වික්ටෝරියා බෙකම් පසුගිය සතියේ %පීපල්^ නම් වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවා. හැමවෙලාවෙම ඔහු තමන්ගෙ පවුලට මුල්තැන දෙනවා කියලා ඇය මෙහිදී පැවසුවා. අනික ඔවුන් දෙපළ හැමවෙලාවෙම පුදුම හිතෙන දේවල්වලින් අනෙකාව පුදුම කරවමින් ආදරණීය වෙනවා කියලත් කියනවා. ඇය මුලින්ම ඔහුව දැක්කේ පාපන්දු තරගයක් අතරතුරදිලු. ඒ මීට අවුරුදු 20කට කලින්. තරගයෙන් පසුව අනික් යාළුවෝ මොනවාහරි බොන්න හිතාගෙන ගියාලු. ඒත් ඩේවිඩ් ගියේ අම්මා සහ තාත්තා ළඟටලු. ඒකෙන්ම ඔහු පවුලට කොයිතරම් වැදගත්ද කියලා ඒ කාලෙදිම ඔප්පු කළා කියලයි වික්ටෝරියා කිව්වෙ. අනික ඇය ගැන අහද්දි මුලින්ම ඒ යෝජනාව ගෙනාවෙ ඇගේ තාත්තට නිසා එයින්ම ඩේවිඩ් බේකම් කොයිතරම් ගෞරවනීය චරිතයක්ද කියලා තමන් දුටු බවත් එම සම්මුඛ සාකච්ඡාවෙදි ඇඳුම් නිර්මාණ ශිල්පිනී වික්ටෝරියා පැවසුවා. නමුත් මේ වෙද්දි 41 හැවිරිදි වියේ පසුවන වික්ටෝරියා සහ 40 හැවිරිදි වියේ පසුවන ඩේවිඩ්ට 16 හැවිරිදි බ_ක්ලයින්, 13 හැවිරිදි රෝමියෝ, 10 හැවිරිදි ක්‍රස් සහ 4 හැවිරිදි හාපර් වශයෙන් දරුවන් හතර දෙනෙක් ඉන්නවා.