බෙංගාල බොක්කේ පීඩන අවපාතය ‘කයන්ට්‘ නම් සුළිකුණාටුව දක්වා වර්ධනය වී ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1200ක් දුරින් ‘කයන්ට්‘ සුළිකුණාටුව කේන්ද්‍ර ගත වී ඇති බවත් ඉන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැති බවත් උතුරු පළාත් හැර සෙසු පළාත් වල සවස් කාලයේ වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යාඥයෝ කියති.
බස්නාහිර.සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත් හී උදේ කාලයේ මීදුම පැවතිය හැකි බවත් තද සුළං හා මීදුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ දෙපාර්තුමේන්තුව අනතුරු අඟවයි.
‘කයන්ට්‘ යනු මොන් භාෂාවෙන් කිඹුලා යන්නයි.මොන් භාෂාව තායිලන්තයේ සහ මියන්මාරයේ භාවිත වන භාෂාවකි.