බූස්සෙන් කෝටි 25ක නරක් වූ සහල් තොගයක්


ගාල්ල බූස්ස ප්‍රදේශයේ රජයට අයත් පොන්නි සහල් ගබඩාවක් සිකුරාදා (12) සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් විසින් වටලා මුද්‍රා තබනු ලැබීය.

අද (13) ගබඩාව විවෘත කර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීහු එම සහල් පරීක්ෂා කළහ. සහල් සම්පූර්ණයෙන්ම නරක් වී ඇති අතර රජයේ රස පරීක්ෂක විසින් අධිකරණයට කරුණු දැක්වීම සඳහා සහල් සාම්පල් ලබා ගත්තේය.

මෙම සහග් තොගයේ වටිනාකම රුපියල් කෝටි 25 කට ආසන්න බව නිළධරීහු කියති.

කොළොන්නාවේ ගබඩාකර කර තිබී පසුව මෙම සහල් තොගය  බූස්ස රජයේ ගබඩාවට ගෙනවිත් ගබඩාකර ඇතැයි ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබිණි.

IMG_20160213_122551 IMG_20160213_122631 IMG_20160213_122649 IMG_20160213_122753

ඡායාරූප - දේමුණි සම්පත්

DSC00533 DSC00536 DSC00545

ඡායාරූප හා වීඩියෝ - රොෂාන් පියතිලක