බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් ජල ටැංකියට නැග විරෝධයක


(යොහාන් භාසුර)

බූස්ස අදි ආරක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ රැඳවියෙක් මත්ද්‍රව්‍ය ඉල්ලා එම බන්ධනාගාරයේ ජල ටැංකියට නැග සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

ගාල්ල බන්ධධනාගරයේ රදද්‍වා සිටියදී ද ගසකට නැග විරෝධයක් දැක්වීම හේතුවෙන් බූස්ස බන්ධනාගාරයට මාරුකර ඇති අදාල රැඳවියා මත්ද්‍රව්‍යයට තදින් ඇබ්බැහිවූවෙක් කී එම නිලධාරියා එම බන්ධනාගාරයේ නිලධාරීන් රැඳවියා ජල ටැංකියෙන් බැස්වීමට උත්සහ කරමින් සිටින බව සඳහන් කළේය.