
(එම්.සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික)
බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කිරීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්විණි.
ලංකාවේ පළමු හා එකම අධි ආරක්ෂිත බන්ධනාගරය මෙය වේ.
මෙම බන්ධනාගාරයේ රදවා තබාගනුයේ බරපතල දරුණු ගනයේ සමාජ විරෝධී ක්‍රියාවන්වල නිරතවන සැකකරුවන් පමණක් බවත් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගරයක් ලෙස නිල වශයෙන් නාම පුවරුව විවෘත කෙරිණි.


