බූරු මුණා බාර දුන් නීතිඥයාගෙන් ප්‍රකාශයක් ගනී


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඝාතන රැසක වෙඩික්කරු ලෙස කටයුතු කළ රවිඳු සංඛ ද සිල්වා හෙවත් බුරු මුනා නැමැති අපරාධකරු අධිකරණය වෙත භාර කිරීම සඳහා රැගෙන ආ නීතිඥවරයා ගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

බුරු මුනා නමැති පුද්ගලයා අපරාධයක් සම්බන්ධයෙන් නම් කර සිටින සැකකරුවකු ලෙස ප්‍රකාශයට පත් කර තිබියදී ආගමන විගමන නිලධාරින්  අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපල පොලීසිය වෙත බාර කර සිටියදී සැකකරු පොලිස් අත් අඩංගුවෙන් පළා යාම සම්බන්ධයෙන් එදින සහ පසුදිනයන් වල සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ප්‍රධාන පුවත ලෙස ප්‍රචාරය විය.

බුරු මුනා මුනා නැමැත්තා පොලිස් අත්අඩංගුවෙන් පළාගොස් දින දෙකකට පමණ පසු ඩුබායි හි පදිංචි සිය සේවාදායකයෙක් දුරකථන ඇමතුමක් ලබාදී හංවැල්ල සහ රත්ගම වෙඩි තැබීම් වලට සම්බන්ධ සැක කරන අයකු අධිකරණයට බාර භාර කරන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව පෙබරවාරි 26 වෙනි දින බුරු මුනා නැමැත්තා කුරුණෑගල කොස්කැලේ ප්‍රදේශයේ දී හමු වූ බව නීතිඥවරයාගේන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.