බූන්දල අලියා බෙලිඅත්ත ඉස්කෝලෙ යයි


බූන්දල සිට සඳුදා තංගල්ලේ නෙටොල්පිටිය දක්වා පැමිණ සිටි වල් අලියා දැන් බෙලිඅත්ත මහා විද්‍යාලය පිටුපස සිටින බව වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඩබිල්ව.ඒ.ධර්මකීර්ති මහතා පවසයි. මේ අලියා බුන්දල ජාතික වනෝද්‍යානයේ සිට දැනට කිලෝ මීටර 50ට වැඩි දුරක් ජනාකීර්ණ පෙදෙස් පසුකරමින් පැමිණ ඇත. කිසිවෙකුටත් හානි කර නැති අලියා ගමන් කරන්නේ දශක කිහිපයකට පෙර අලි මංකඩවල් ලෙස පැවති මාර්ග ඔස්සේ බව ද වෛද්‍ය ධර්මකීර්ති පවසයි. අලියා නිර්වින්දනය කැර අල්ලා වනයට ගෙනගොස් දැමීමට සුදුසු වේලාවක් එනතුරු වනජීවී නිලධාරීන් අලියා පසුපස හඹායමින් සිටියි.