
(බුලත්සිංහල ලක්මි කුඩලිගම)
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නාය යෑමේ අවදානම මත බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් හතරක සිසු සිසුවියන්ට අවදානම පහව යන තුරු නිවාඩු ලබා දීමට පාසල් බලධාරීහු පියවර ගත්හ.
ඒ අනුව හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ බුලත්සිංහල හල්වතුර දෙමල විද්‍යාලය, පරගොඩ කිතුලගොඩ කනිෂ්ඨ විද්‍යාලය සහ ඉහළ වෙල්ගම කණිෂ්ඨ විද්‍යාලය යන විදුහල් ඊයේ(07) සිට තාව කාලිකව වසා එහි සිසු සිසුවියන්ට නිවාඩු ලබා දී ඇතැයි හොරණ කලාප අධ්‍යාපන කාර්යාලයේ පාසල් පරිපාලන අංශයේ ප්‍රකාශිකාවක් පැවසීය.
මතුගම කලාපයට අයත් මෝල්කාව ධර්මපාල මහා විද්‍යලයද ගංවතුර තර්ජන හේතුවෙන් වසා අවදානම පහව යන තුරු දරුවන්ට තම නිවෙස්වල සිටින ලෙස දැනුම්වත් කර ඇතැයි එහි විදුහල්පතිපති සනත් මාලේවන මහතා අප කළ විමසීමකදී කීය.


