බුලත්කොහුපිටියේ විපතට පත්වූවෝ වසරක් පුරා තැනින් තැන


බුලත්කොහුපිටිය ප‍්‍රදේශයේ කළුපහන වත්තේ දී ඉකුත් වසරේ සිදුවූ නායයාමෙන් විපතට පත් පවුල්වලට කිසිදු සහනයක් මේ වන තුරු ලැබී නැතැයි ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප‍්‍රකාශ කරයි.  

ඉකුත් වසරේ මැයි මාසයේ සිදුවු මෙම නාය යාමෙන් 17 දෙනෙකු මිය ගොස් ඇති අතර මේ වන විට වසරකට ආසන්න කාලයක් ගෙවී ඇතත් එම අනතුරෙන් විපතට පත් අය තවමත් තැන් තැන්වල ගත  කරන්නේ යැයි ද හෙතෙම පවසයි.


ඔවුන් වෙනුවෙන් ගෙවන්නට පොරොන්දු වූ වන්දි මුදල ගැන කිසිදු සඳහනක් මේ වන තුරුත් නැතැයි පවසන විතාරණ මහතා  ආපදා කළමණකරණ අංශ මේ දුප්පත් වතු ජනතාව ගැන  නිහඬව සිටීම කණගාටුවට කරුණක් බව කියයි.


අරණායක නාය යෑමෙන් විපතට පත් ජනතාවට සාධාරණය ඉටුවෙමින් පවතින පසුබිමක එම කඳු වළල්ලේම අනෙක් පස මේ ජනතාවට කිසිවක් නොලැබී ඇතැයි ද ඒ මහතා පවසයි