ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ගොවි නියාමක රැස්වීමකට ඇරයුමක් නොමැතිව ගිය බව කියන එක්සත් ජාතික පක්ෂයේ ඇහැලියගොඩ සංවිධායක සිරිපාල කිරිඇල්ල මහතා තුවාල ලබා රෝහල් ගත කළ බව ඔහුගේ පුත් ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හරිස් කිරිඇල්ල මහතා කියයි.
ජනපතිවරණය වෙනුවෙන් පැවැත්වූ රැස්වීමකට රජයේ නිලධරයන් කැඳවූයේ ඇයිදැයි ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහුට පහර දී ඇතැයි කියති.
පොලිසියට පැමිණිලි දෙකක් ලැබී තිබේ. එකක් කිරිඇල්ල මහතාගෙනි. අනෙක ගොවි නියාමක වරයකුගෙනි. කිරිඇල්ල මහතා කලහකාරී ලෙස හැසිරෙද්දී තුවාල සිදුවී ඇතැයි ගොවි නියාමක පොලිසියට කියයි. මහාට වක් පිහියකින් කපා තුවාල කළැයි කිරිඇල්ල මහතා පොලිසියට කියා ඇත.

