බුරුත කඳන් ග්‍රාම සේවකට ‘අජීර්ණ‘ වේ


කළුවර ගස් වැව ග්‍රාම සේවා නිලධරයකු අනවසරයෙන් බුරුත කඳන් 19ක් ලොරියකින් රැගෙන යද්දී සාලියවැව ඉහළ පුළියම්කුළමේදී අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මීගස්වැව රක්ෂිතයෙන් කැපූ බව කියන බුරුත සමීප නෑයකුගේ ලොරියකින් ප්‍රවාහනය කළ බවට ද පොලීසිය තොරතුරු ලැබී ඇත.