බුරියානි විෂ වී 65ක් රෝහලේ


කෑම විසවූ බවට සැක කරන 65ස් දෙනකු රෝහල් ගත කර ඇතැයි කාත්තන්කුඩි මූලික රෝහලේ අධ්‍යක්ෂ එම් එස් එස් ජාබීර් මහතා කියයි.

නගරයේ හෝටලයකින් බුරියානි කෑම කෑ පසු රෝග ලක්ෂණ ඇතිවූ බව ඔවුන් කීවේයැයි ද ඒ මහතා පවසයි.

රෝහල් ගත කළ පිරිස අතර ළමයි 16ක් සිටති. එක් දරියක් වැඩිදුර ප්‍රතිකාර සදහා මඩකලපුව රෝහලට මාරු කරනු ලැබුවාය.

කාත්තන්කුඩි පොලිසිය ද පරීක්ෂණයක් අරඹා තිබේ.