බුර්කාවෙන් කිලෝවක රන් පනී


බුර්කාවකින් සැරසී රුපියල් හැට එක් ලක්ෂ පනස් දහසක් වටිනා නිම නොකළ රන් ආභරණ සහ  රන් කැබලි දෙකක් සඟවාගෙන  බංගලිදේශය බලා යාමට පැමිණි කුලියාපිටිය ප්‍රදේශයේ කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

ඇය කුලියාපිටිය ප්‍රදේශයේ පදංචි 39 හැවිරිදි කාන්තාවකි.

අත් අඩංගුවට ගනු ලැබු රන්  බර කිලෝ එකයි ග්‍රෑම් දෙසිය අසූ එකකි.

ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 173 දරණ ගුවන් යානයෙන් බංගලි දේශය බලා යාමට පැමිණි ඇයව ගුවන් යානයට ගොඩවීමට  ආසන්නයේ ඇති අවසන් කපොල්ලේදී  අත් අඩංගුවට ගෙන ඇත.