බුම්මා කල්ලියේ කතක් හෙරොයින් සමඟ දැලේ


(වසන්ත චන්ද්‍රපාල)

විදෙස් ගතව මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බුම්මා කල්ලියේ ප්‍රධාන සාමාජිකයකුගේ හෙරොයින් සමඟ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්  අත්අඩංගුවට ගෙන තිබේ .

සැකකාරියගෙන් වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීමේ දිගු කලෙක පටන් ඇය හෙරොයින් ජාවාරමේ  යෙදී සිට ඇති බවට අනාවරණය වි ඇති අතර සැකකාරිය සතුව තිබී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විග්නේෂ් නැමැත්තකු විසින් එවා ඇති අතර විග්නේෂ් නැමැත්තා සැකකාරියගේ ස්වාමිපුරුෂයාගේ බාල සොහොයුරා වේ.

විග්නේෂ් නැමැත්තා දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා කල්ලියේ ප්‍රධාන සාමාජිකයකු වේ. තවද මෙම සැකකාරියගේ සැමියා හෙරොයින් සන්තකයේ තබාගෙන සිටිය දී වෙරළබඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඔහු මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින බවට අනාවරණය විය.

එහි දී ජාවාරම් කිරීම සදහා හෙරොයින් ග්‍රෑම් 222, මිලි ග්‍රෑම් 01 ක් සහ ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි වෝල්ස් වීදිය, කොළඹ 15 වීදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක් වන කාන්තාව  අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බ්ලුමැන්ඩල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.