බුන්වත් ව්‍යාපාරික රිමාන්ඩ්


මීගලෑව කටුගම්පලාගම දිනිදු යශේන් ලංකානාත් (4) පැහැරගැනීම සැළසුම් කළ බව කියන වසා දැමුණු සත්ව ගොවිපළක හිමිකරුවකු බව කියන එල් එම් අතුල ජයසුන්දර ගල්ගමුව මහේස්ත්‍රාත් ධම්මික දිසානායක මහතා විසින් ලබන තුන් වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

අඹන්පොළ ඔහුගේ කාර්යාලයයේ තිබී සිම් කාඩ් පතක ඉල්ලුම් පත්‍රයක් ද සොයාගෙන ඇත. කප්පම්කරුවන් දරුවාගේ පියාගෙන් රුපියල් කෝටියක කප්පම ඉල්ලීමට එම සිම් කාඩ්පත පාවිච්චි කළ බව පොලීසිය කියයි.

දරුවා අඹන්පොළ රඳවාගෙන සිටි නිවසේ රුපියල් විසිදාහක කුලිය ඔහු ගෙව්වේ දැයි සොයන බව පොලීසිය කියයි.

එමෙන්ම දරුවාට නිදා ගැනීමට කොට්ට මෙට්ට ද ආහාර පාන ගැනීමට මුදල්ද සපයා දුන්නේ ඔහුදැයි පොලීසිය සොයයි.