
(තිස්ස කොටින්කඩුව)
බුදු දහමට අගෞරව අන්මට සකසා විදේශීය රටකින් මෙරටට ආනයනය කරණ ලද බුදුරුව කෙටු කොණ්ඩා කපන මැෂින් යන්ත්‍ර 20 ක් අද දහවල ජාඇල නගරයේ ප්‍රධාන තැපල් කන්තෝරුව ඉදිරිපිටදී සැක කරුවකු සමග අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.
බුදු දහමට අගෞරව අන්දමින් සකසා රිදී වර්ණ ගන්වා තිබු මෙම කොණ්ඩා කපන මැෂින් යන්ත්‍ර ගැනුම් කරුවකුට අළෙවි කිරීමේ බලා පොරොත්තුවෙන් අදාල ස්ථානයේ රැදී සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවු බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 35 හැවිරිදි වියේ පසුවන තැපැල් පෙටිටිය පාර, නැදගම,කොටුගොඩ යන ලිපිනයේ පදිංචි අයෙකු බව පොලිසිය සදහන් කරයි.

