බුදුරදුන් ප්‍රමුඛ මහා රහතන් වහන්සේ පන්සියයක් ලංකාවට වැඩමවති


බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ ඇතුළු පන්සියයක් මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ, සිංගප්පුරුවේ සිට අද (22) ශ්‍රී ලංකාවට වැඩම කරනු ලැබූහ.

පසේ බුදුවරයකුගේ ද, සැරියුත් මුගලන් අගසවු දෙනමගේ ද, පස්වග මහරහතන් වහන්සේගේද,  ආනන්ද මහරහතන් වහන්සේ ද නන්ද මහරහතන් වහන්සේගේ ද ශාරීරික ධාතූන් වහන්සේ මේ අතර වෙති.

කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළේ සිට කොළඹ තුන්මුල්ලේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය වෙත වැඩම කරවීමෙන් අනතුරුව ඌරාපොළ රතඹලේ ශ්‍රී නාථාරාම පුරාණ විහාරය වැඩම කරවීය. බෞද්ධ බැතිමතුනට වන්දනා මාන කිරීම සඳහා ධාතූන් වහන්සේ  දින නවයක් පුරා එහි තැන්පත් කර තිබෙනු  ඇත.