බුදුන් වැඩි බිමක් සංරක්ෂණය දිගටම


බුදුන් වහන්සේගේ කැලණි ගමනේ දී රහතන් වහන්සේලා පන්සිය නමක් සමඟ භාවනානුයෝගීව වැඩ සිටි ස්ථානයක් වශයෙන් සැලකෙන දීඝවාපියේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු දැන් සිදු කෙරේ.

සද්ධාතිස්ස රජතුමන් (ක්‍රිස්තු පූර්ව 137-119) මෙම දාගැබ ඉදි කළ බව මහා වංශය කියයි.

කාලයාගේ ඇවෑමෙන් නටබුන් වී ගිය චෛත්‍ය කැලෑවට වැසී වන රජ දහනක් වී තිබිණි.

අම්පාර අක්කරේපත්තු පාරේ අම්පාර නගරයට කිලෝමීටර 18ක් දුරින් පිරිටි දීඝවාපියේ පරණ බැම්මක් පුරා විද්‍යා ප්‍රමිතියෙන් තොරව ඉදි කර ඇතැයි පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව් එම් ඒ සුමනදාස මහතා කියයි.

සිවිල් ආරක්ෂක බළකායේ ද සහායෙන් එම බැම්ම මේ දිනවල ඉවත් කරගෙන යයි.

1(53) 3(50) 5(31) 7(17) 8(12) 9(15) 11(12)