බුදු සසුනේ ප්‍රමුඛත්වය වෙනසක් නෑ


ආගමික වශයෙන් ඇති සංස්සථාගත අයිතිය හා ඊට කිසිදු බාදාවක් ඇති නොවන ආකාරයට අවශ්‍ය වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර බුද්ධ ශාසනයට ඇති ප්‍රමුඛත්වය ඒ අයුරින්ම ආරක්ෂා වන ආකාරයට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් හමුවේ පැවසීය.

මහා සංඝරත්නයේ දහස්නමක් විෂයෙහි අරලිය ගහ මැදුරේදි මාර්තු 8 වැනිදා පැවැත්වෙන දානමය පිංකමක් සදහා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය භික්ෂුන් වහන්සේලාට ආරාධනා කිරිම පිණිස අගමැති පැමිණියේය.

එක්සත් ඡාතික පක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හෝ මහ ආණ්ඩුව පළාත් සභා වශයෙන් බෙදි වෙන් විමෙන් ඇතිවන ප්‍රතිපලයක් නොමැති බවත් අවශ්‍ය වන්නේ පැහැදිලි ප්‍රතිපත්ති බවත් ඡාතික සැලැස්ම අනුව ඒ ඒ පළාත් දියුණු කිරිම බවත් අග්‍රාමාත්‍ය වරයා කිය.

මේ සඳහා පලාත්  ඇමති වරුන්, පලාත් සභා මහ ඇමැතිවරුන් හා ඇමැතිවරු ඇතුඵ නියෝඡිතයින්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවා එමගින් අවසන් වාර්තාවක් ගැනිමට බලාපොරොත්තු වන බවත්  එම ක්‍රියාව තමාම ඒ ඒ පළාත් වල ගොස් සොයා බලන බවත් මහනුවර නගර සංවර්ධන සැලැස්ම කඩිනමින් ක්‍රියාත්මක කරන බවත්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශවයේ මහනායක ගලගම ශ්‍රි අත්ථදස්සි මහනාහිමියන් හට පැවසීය.

බුද්ධ ශාසනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතට ඇතුළත් විය යුතු සියලු දේ මහා සංඝරත්නයේ අදහස් අනුශාසනා ඇතිව ක්‍රියාත්මක කරන බවත් ඔබ වහන්සේලාට අවශ්‍ය දේ අවශ්‍ය පරිදි සකස් කර රඡයට භාර දුන් පසු ඒවා ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය වරයා අස්ගිරි පාර්ශවයේ මහනායක ගලගම ශ්‍රි අත්ථදස්සි මහනාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභික හිමිවරුන්ට පැවැසු බවත් අස්ගිරි පාර්ශවයෝ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ කීහ.

අස්ගිරි පාර්ශවය කාරක සංඝ සභාව නියෝඡනය කරමින් ආනමඩුවේ ධම්මදස්සි,මැදගම ධම්මානන්ද,ගොඩගම මංගල,කුඹුක්කදන්වල පුඤ්ඤරතන,නාරංපනාවේ ආනන්ද හිමිවරුද අමාත්‍ය වරුන් වන මලික් සමරවික්‍රම,ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

L-1 L-2 L-3 L-4 L-5 vlcsnap-2016-02-13-21h20m40s253