බුදු සසුන නසන කුමන්ත්‍රණයක් රජයෙන්


‘මේ රජය යටතේ මේ රටේ බුද්ධ ශාසනය විනාශ වී යන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් දැනට ක්‍රියාත්මක වෙනවා. රටේ අගමැති වශයෙන් ඔබතුමා මේ ගැන නොදැන ඉන්න බැහැ. ඉදිරි මැතිවරණයක් නිසා බුද්ධ ශාසනා රක්ෂක යෝජිත පනත පවා යට ගහන්න යන බවට මට විශ්වාස කටයුතු මාර්ගයකින් දැන ගන්නට ලැබී තියෙනවා.‘ යැයි උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහා නායක හිමියෝ මාතලේදී පැවැසූහ.

119 වැනි සමස්ථ ලංකා දහම් පාසල් දින ජාතික උත්සවයේදී පැවැසූහ.

පංසල් භූමියක යම් ඉදිකිරීම් රජයේ වියදමින් කරනවා නම් එම භූමියේ නෛතික අයිතිය රජයට පවරන්න ඕන බවට චක්‍ර ලේඛ මගින් මධ්‍යම පළාතේ පංසල් වලට දැනුම්දී තිබෙන බවත් මේ පිළිබද රටේ අග්‍රමාත්‍යවරයා වශයෙන් ඔබතුමා මෙහිදි ප්‍රකාශයක් කළ යුතු බවද මහනායක හිමියෝ මෙහිදි පැවැසූහ.