වව්නියාව වෙහෙරතැන්න ශ්‍රී රතනසාර රජමහා විහාරයේ ඉපැරණි බුද්ධ මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුල් ගල තැන්පත් කිරීමේ පිංකම ඉකුත්දා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
වෙහෙරතැන්න ශ්‍රී රතනසාර රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ මූලිකත්වයෙන් සහ ප්‍රදේශවාසී මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් පැවැති මෙම පිංකම සඳහා ආරක්ෂක අංශයේ උසස් නිලධාරීන් ඇතු`එ පිරිසක්ද සහභාගි වූහ.
මෙහි පැමිණ සිටි පිරිස ඇමතූ රුවන් විජයවර්ධන මහතා පවසා සිටියේ ගම සහ පන්සල අතර බැඳියාව තවදුරටත් ශක්තිමත් කරගත යුතු බවත්, සදාචාර සම්පන්න දේශයක් ගොඩනැගීම සඳහා ඉන් මහඟු පිටිවහලක් ලැබෙන බවත්ය.





