දඹදිව බුද්ධගයා මහමෙව්නාව "බුදු නුවණ" අසපුවේ මහා සංඝරත්නයේ මුලිකත්වයෙන් බුද්ධගයා පින්බිම අවට පදිංචි ඉන්දීය ජාතිකයින්ට පිරිසිදු බුදු දහම පහදා දීම ගම්මාන 20 ක පමණ දහම් වැඩසටහන් පවත්වාගෙනයන අතර එම ගම්වාසීන් බුදුදහම පිළිබඳව සතුටුවන බවද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහමෙව්නා වාසී හිමි නමක් පැවසුහ.
මේ ගම්වල ජීවත්වන බොහෝ දෙනා පස් පව්වලටම නැඹුරු වී සිටි නමුත් දැනට ක්‍රමයෙන් පන්සිල් සුරැකීම සඳහා මහන්සිවෙමින් සිටිනු දක්නට ලැබෙන බවද උන්වහන්සේ පැවසුහ.
මෙම කටයුතු සිදුකරනු ලබන්නේ ඉමහත් දුෂ්කරතා මැද බවත් මෙම වැඩ කටයුතු සඳහා කැමැත්තෙන් සහභාගීවන එම ගම්වැසියන් ලබාගන්නා අසීමිත යහපත දැකීමෙන් එම වැඩකටයුතු සංවිධානයට සහභාගීවන සියලුම දෙනා අසීමිත සතුටක් ලබන බවත් පැවසේ.
ඉන්දිය ජාතිකයින්ට බුදුදහම පැහැදිලිකරදීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන නමුත්
බුදුනුවණ අසපුවේ සිටින හිමිවරු ඒ සඳහා කැපවී වැඩ කරති.
මහමෙව්නාව බුදු නුවණ අසපුවට සම්බන්ධ සියලුම ළමුන් පාසල් අධ්‍යාපනය කටයුතු සඳහාද යොමු කර ඇති අතර එයට අමතරව ධර්ම ප්‍රචාර කටයුතු සඳහා එම දරුවන් ලබාදෙන කැපකිරීම අතිමහත්ය.
දැනට ක්‍රියාත්මක වැඩකටයුතු වන්නේ සෑම ගමකම සතියකට වතාවක් දහම් වැඩසටහන් පැවැත්වීමත් දුරබැහැර ප්‍රදේශ වල සති දෙකකට වතාවක් වැඩසටහන් සංවිධානය කිරීමත්ය. මුලික වශයෙන් එක ගමක වැඩසටහන් 4ක් සිදුකරනු ලබන අතර නැවත ඒ ගමට එන්නේ කාලය ලබාගැනීමට අවස්ථාවක් ලැබුනහොත් පමණකි. සියලුම සාකච්ඡා පැවැත්වෙන්නේ හින්දි භාෂාවෙනි.
ගැමි පරිසරයක ජීවත්වන මෙම සියලුම දෙනා හට බුදු දහම පිළිබඳ උනන්දුවක් ඇතිකිරීමේ අරමුණෙන් මේ හැම අවස්ථාවකම විනාඩි 25ක පමණ චිත්‍රපටයක්ද පෙන්වනු ලබයි.
හින්දි භාෂාවෙන් මෙම චිත්‍රපට නිෂ්පාදනය කරනු ලබන්නේද බුදුනුවණ අසපුවේ ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් ඇතිව අසපුවේ දරු දැරියන් විසිනි. මෙම චිත්‍රපට වලින් ඉදිරිපත් කරනු ලබන්නේ දෙමවුපියන්ට සැලකීමේ අගය, ගුරුවරුන් ඇතුළු වැඩිහිටියන්ට ගරු කිරීමේ අගය, දස කුසල් කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන, ආගම් භේදයකින් තොරව, ජාති භේදයකින් තොරව සෑම කෙනෙකුටම එකසේ මෙත් සිත වැඩීම, දුප්පත් වුවත් පොහොසත් වුවත් සියල්ලෝම දන් දිය යුතු බව වැනි කරුණුය.
මේ වැඩසටහන් සඳහා හින්දු මුස්ලිම් දෙපිරිසම සම්බන්ධ වෙති.
බොහෝ අවස්ථාවල සෑම ගමකම පාහේ මුල් වැඩසටහන් දෙකේදී ස්වාමින් වහන්සේලාහට විවිධාකාර චෝදනා එල්ල වෙයි.
එසේ වුවද මෙම ගම්වාසීන් තුළ එවැනි පිළිගැනීමක් නොමැතිබව පෙනෙන්නට ඇත.
විවිධ බාධක සහ දුෂ්කරතා මැද්දේ බුද්ධගයා මහමෙව්නාව බුදුනුවණ අසපුවේ ස්වාමීන් වහන්සේ සහ සැදැහැවතුන් ධර්ම ප්‍රචාර කටයුතු තවදුරටත් විධිමත්ව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙයි.













