බුදු පුතකු තැනූ මව්පියෝ අසරණයි


උතුම් බුදු පුත් කෙනකු සසුනට දායාද කළ මවක් හා පියෙක් මිනුවන්ගොඩ, ආරංගාව, හොරම්පැල්ල ප්‍රදේශයේ අසරණව ජීවත්වන බව වාර්තාවේ.

දැනට කුලී කඩ කාමරයක වෙසෙන ඔවුන්ට ජීවත්වීමට නිවසක් ඉදිකරගැනීම පිණිස පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතයි.

නමින් යු.එල්.එස්.බී. පී. ජයසිංහ නමැති එම පියා සහ ලක්ෂ්මි ප්‍රනාන්දු මව තම එකම දරුවා බුදු සසුනට පූජා කර ඇති අතර උන්වහන්සේ දැනට ආරණ්‍යවාසීව භාවනානුයෝගීව වැඩ වාසය කරති. එම දෙමාපියන්ට නිවසක් තනා ගැනීම සඳහා උපකාර කිරීමට කැමති අයට මහජන බැංකුවේ මිනුවන්ගොඩ ශාඛාවේ යූ.එල්.එස්.බී.පී. ජයසිංහ නමින් ඇති 021-2-001-1 0018274 ගිණුමට මුදල් බැර කළ හැක.

වැඩි විස්තර 071 4797564 දුරකථන අංකයෙන් ලබාගත හැකිය. ඔවුන්ගේ ලිපිනය නො. 551/7/බී, ආරංගාව, හොරම්පැල්ල.