බෞද්ධ දර්ශනයත් ස්නායු වෛද්‍ය විද්‍යාවත් අතර පවතින ඉන්ද්‍රඛීලයක් බඳු සබඳතාවය තහවුරු කර දීමට දායකත්වය සැපයීම සඳහා ස්නායු විද්‍යා මහාචාර්යවරුන් දෙදෙනකු ළඟදීම ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
අමෙරිකාවේ උතුරු කෙන්ටකි විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන්වන සූ ඔට් රොනඩ්ස් සහ ක්‍රිස්ටි එල්. හයික් ඔවුහුය.
බෞද්ධ දර්ශනය හා ස්නායු වෛද්‍ය විද්‍යාව අතර පවතින සබඳතාවය පිළිබඳ ලොව හමුවේ තොරතුරු කියා දීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ලෝක විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් සිල්වා මහතාගේ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ පර්යේෂණය සිදුවෙයි.
එම පර්යේෂණය සම්බන්ධව සැදී පැහැදී සිටින එම මහාචාර්යවරුන් දෙදෙනාගෙන් විශාල දායකත්වයක් පර්යේෂණයට ලැබෙන බවත් මහාචාර්ය රනිල් සිල්වා මහතා පැවසීය.

