බුදු දහමට නිගා වන අයුරින් බුදු රුව හා දේව රූප ඇතුළත් මුද්‍රණයන් නවත්වන්නැයි ඉල්ලමින් තරුණයෙක් පේරාදෙණියේ පාළම අසල කුලුනක් මත නැග උපවාසයක් අරඹා ඇතැයි පේරාදෙණිය පොලිසිය කියයි.
වාරියපොළ නිල්ලඹ පදිංචිකරුවකු වන මොහු අතුරුගිරියෙන් තම ගමන ඇරඹූ බවත් ජනපති හමුවන තෙක් දිගටම මේ ක්‍රියාවේ යෙදෙන බවත් පවසයි. ඔහුගේ ඉල්ලීම බුදු දහසට අගෞරව වන ලෙස බුදු රුව මහා දෙව් රුව ඇතුළත් කර මුද්‍රණය කෙරෙන පුවත්පත්, පත්‍රිකා ආදිය නවත්වන ලෙසයි. එමගින් බුදු දහමට වන නිගාව අති විශාල බවද ඔහු සඳහන් කරයි.
මීට පෙරද මහනුවර දළඳා මාළිගාව අසළ මොහු මෙවැනි උපවාසයක් කළ බවද පොලිසිය පවසයි.





