ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වන 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය තීරණය කර ඇති බව එහි මාධ්‍ය ඒකකය කියයි.
අලුතින් බිහි වු කුඩා පරිමාණ නව නිපැයුම් ,අභිජනනකරුවන්ගේ අයිතිවාසිකම් වැනි බුද්ධිමය දේපළ ක්ෂේත්‍රයන් ආරක්ෂා කිරීමේ අරමුණින් එම පනත සංශෝධනය කිරීමට හේතු වී ඇති වී ඇති බව ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයයේ මෙම වර්ෂය සඳහා වන කාර්ය සාධන වාර්තාව උපුටා දක්වමින් එහි මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

