එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ කාර්යාලයයෙන් පාර්ලිමේන්තු මුද්දර 214ක් සොරකම් කළැයි සැකපිට ඔහුගේ කාර්යාලයයේ පිරිසිදුකරන්නකු හා ඉසදීන් නගරයේ කඩ හිමියකු ශරීර ඇප මත මුදා හරින ලෙස මාතර වැඩ බලන මහේස්ත්‍රාත් ලලිතා දිසානායක මහත්මිය නියෝග කළාය.
එම් කේ ජී උපාලි හා කඩ හිමියා වූ රණසිංහ සරත්චන්ද්‍ර එම දෙදෙනායි.
මුද්දර සොරකම් කිරීම හා සොරබඩු ළඟ තබා ගැනීම යන චෝදනාවලට සැකරකුවන් වරද පිළිගන්නා බව නීතීඥ කීර්ති කළුආරච්චි මහතා කියා සිටියේය.
ඒ අනුව දඩුවම් නියම කිරීම ලබන 16 වැනිදාට කල් තැබිණි.