(විනීතා එම් ගමගේ)
ඇවන්ගාඞ් ආයතනය තිබුණා නම් අද අපේ නාවිකයන් මුහුදු මංකොල්ලකරුවන්ගේ අත් අඩංගුවට පත්වන්නේ නැතැයි දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණේ නායක බෙංගමුවේ නාලක හිමියෝ පවසති.
එම ආයතනය නිත්‍යානුකූල නොවේ යැයි ලොවට පවසමින් අපරාධයක් නොකළේ නම් අද ශ්‍රී ලංකාවේ නැව්වලට පමණක් නොව ලොව කිසිම නැවකට මුහුදු මංකොල්ලකරුවන් ගෙන් හානි සිදුනොවන්නේ යැයි ද උන් වහන්සේ කියති.
“ආණ්ඩුවේ බුද්ධි අංශ දඩයම තවම ඉවර නැහැ. බොරු චෝදනා නගා අත් අඩංගුවේ තබාගෙන සිටින අය අතර කයිට්ස් දූපත බේරා ගැනීම වෙනුවෙන් රන් පදක්කමකින් පුදනු ලැබු ධම්මික අනිල් මාපා පවා සිටිනවා. මේ අය බොරු චෝදනා මතයි රිමාන්ඞ් භාරයේ තබාගෙන ඉන්නේ. මේවා කරන්නේ රජයේ ආශිර්වාදය ඇතිවයි “යැයි ඒ හිමියෝ පවසති.
“සිය දිවි නසාගන්නට උත්සාහ කළ පොලිස් නිලධාරියෙක් අපට හමුවුණා. ඔහුට පොලිස් නිලධාරින් තර්ජනය කොට රවිරාජ් ඝාතනයට අණ දුන්නේ ගෝඨාභය යැයි කියන්න කියා බල කළාලූ.මේ තැනැත්තා අත්සන් කර දුන් ප‍්‍රකාශය අප ලඟ තිබෙනවා. නිවැරදි අය වැරදි කරුවන් කරන්නත්, වැරදි කරුවන් නිවැරදි අය කරන්නත් කූඨ ලේඛන සකසන්නත් මේ අය හරිම දක්ෂයි. “යැයි ඒ හිමියෝ ප්‍රකාශ කරති.

