බුදු දහමට හානි වන අයුරින් බුදු හිමියන්ගේ පින්තූර සහ දේව පින්තූර මුද්‍රණය කිරීම වැළැක්වීමට ක්‍රියාකරන්නැයි ඉල්ලමින් යූ.ඩී. සුගත් මහතා පේරාදෙණියේ කුළුනක් මත නැගී උපවාසයක් අරඹා ඇත.
මීට පෙරද ඔහු මහනුවර වැව රවුමේ ගසක් මත නැගී මෙයට විසඳුමක් ඉල්ලමින් විරෝධතාවයක් පැවැත්වූ අතර මහ නායක හිමිවරුන් ඇතුළු පිරිස මේ සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගන්නා බවට පොරොන්දු වුවද තවමත් ජනාධිපතිවරයාගෙන් නිසි පිළිතුරක් නොලැබුණු බව ඔහු කියයි.
තමාගේ ඉල්ලීම ඉටුවන තුරු මේ ක්‍රියාමාර්ගය නොනවත්වන බවද ඔහු කියා සිටී.

