බුද්ධගයා බෝම්බ ප්‍රහාරය මුජහිදීන් වැඩක්


ලෝක උරුමයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගැනුණු බුද්ධගයාවේ බෝම්බ වැලක් පුපුරුවන්නට ඇත්තේ ඉන්දියාවේ මුජහිදීන් ත්‍රස්තවාදීන් විය හැකියැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පත්‍රය කියයි.

ඉන්දියා මුජහිදීන් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඉන්දියා රජය 2010 ජුනි 04 වැනිදා තහනම් කැරිණි.

වමුම්බායේ මෘදුකාංග ඉන්ජිනේරුවකු වන අබ්දුෂ් සුභාම් කුරේෂි හෙවත් ටොකීර් (36) මේ සංවිධානයේ නායකයෙකියි ඉන්දියාව කියයි.

2007 උත්තර ප්‍රදේශයේ ද, 2008 බැංගලෝරයේ හා අහමදාබාද්හිදී ද, 2010 බරණැස ද, 2011 මුම්බායි හි ද බෝම්බ පිපුරුවූ ස්ථානවලින් කිහිපයකි.