බුද්ධගයාවට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයේ පාඩුව ඉන්දියාවට බව බුද්ධගයාව අවට හෝටල හිමියෝ දුරකථනයෙන් පැවසුහ.
පදික වේදිකාවේ සුළු වෙළෙන්දාගේ සිට හෝටල් හිමියා දක්වා විවිධ අංශවල පිරිස්වලට සෘජු හා වක්‍ර රැකියා රැසක් දැනටම අහිමි ඇතැයි ඔවුහු කියති. බුද්ධගයා අසල ජීවක් ඉන්ටර් නැෂනල් හෝටලයේ හිමිකරු පැවසුයේ අගොස්තු සිට නොවැම්බර් දක්වා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් වෙනුවෙන් තම හෝටලයේ සියලුම කාමර වෙන් කැර තිබු බවයි.
එහෙත් බෝම්බ ප්‍රහාරයෙන් පසු එම කාමර වලින් සියයට පනහක් අවලංගු වු බවද ඔහු කියයි. බුද්ධගයාව අසල හෝටල හිමියන් කියනුයේ වෙනදාටත්වඩා ආරක්ෂාව තර ඇති හෙයින් බිය සැක නැතිව බුද්ධගයා වන්දනාවට එන ලෙසයි.
ශ්‍රී ලාංකිකයින්ට උපරිම සැළැකිල්ල දක්වන බවද ඔවුහු කියති. ජම්බුද්වීප ශ්‍රී ලංකා බෞද්ධ විහාරාධිපති ආචාර්ය කේ සිරිසුමේධ හිමි කියනුයේ කිසිදු බයකින් තොරව දඹදිව පැමිණෙන ලෙසයි.
නවදිල්ලියේ ශ්‍රී ලංකා බෞද්ධ වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලාවේ පාලක ලේකම් පල්ලේගම විජිත නාහිමියන් පවසනුයේද සියලු ආරක්ෂාව තර කර ඇති හෙයින් කිසිදු බියකින් හෝ සැකයකින් තොරව වන්දනාවට එන ලෙස ලාංකිකයිනට ආරාධනා කරන බවයි.