බුද්ධගයා ප්‍රහාරයට රුහුණේ විරෝධය


බුද්ධගයාවේ මහාබෝධි විහාරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට විරෝධය පළකරමින් ‘අපි බෞද්ධයෝ‘ සංවිධානයේ මහා සංඝරත්නය හම්බන්තොට සිරිබෝපුර ශ්‍රී ජයබෝධි විහාරයේ සිට හම්බන්තොට ඉන්දියා කොන්සල් ජනරාල් කාර්යාලයයට ගමන් කළහ.

එහිදී කොන්සල් කාර්යාල නිලධරයෙක් සංඝරත්නයේ සංදේශය භාර ගත්තේය.

බැරගම ගල්විල රජ මහා විහාරාධිපති බැරගම විමලබුද්ධි හිමියන් පැවසුවේ බෞද්ධ උරුමය රැකීමට ඉන්දියා රජය ඊට වඩා සැළකිලිමත් විය යුතු බවයි.