බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝධියට වම් පසින් පසුගිය ඉරිදා (07) අලුයම 5.25ට පිපිරිමට මොහොතකට කළින් වයස අවුරුදු 25 කොල්ලකු හා කෙල්ලක පාරේ ගමන් කරමින් සිටි බව බුද්ධගයා මහා බෝධි විහාරයේ ආරක්ෂක කැමරාවල සටහන් වී ඇත.
බෝම්බ පිපිරෙද්දී එහි සිටි පිරිස් ඉවක් බවක් නැතිව පණ බේරා ගැනීමට දිවු බවද එම වීඩීයෝවල සටහන් වී ඇත.
කොල්ලා සහ කෙල්ල එම පිපිරීමත් සමඟ මදක් පාරේ නැවතී පිපිරීමෙන් පසු දිවු බවද එම වීඩීයෝ දර්ශන වල සටහන්ය.
අවුරුදු 30 ක පමණ තවත් මිනිසකු මහා බෝධි විහාරයට ඇතුළු වී පිපිරීම සුදු වු ස්ථානයට ගොස් කඩිනමින් ආපසු හැරී ගිය බවද තවත් දර්ශනයකින් පෙන්නුම් කරයි.
දෙවැනි පිපිරුමේ ශබ්ධයද විඩීයෝවේ සටහන් වී ඇත.එම පිපිරීම සිදු වුයේ මහා බෝධියට මීටර් 50 ක් ඇතින් වු රත්නගිරි විහාරයේය. තාරා දේවී පන්සලේ තෙවැනි පිපිරීමෙන් ඝන දුම්රොටු ඉහළට ගිය හැටි බොහෝ වන්දනාකරුවන් පණ බේරා ගැනීමට දිවු සැටිත් තවත් දර්ශන වලින් දැක්වේ.
ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ආරක්ෂිත කැමරා දහසයෙන් න් පහළොවක්ම හොදින් ක්‍රියාත්මක වු බව එම කැමරා භාර අර්වින්සිං කියයි.