බුද්ධගයා ප්‍රහාරය ඉන්දියා ජනපති හෙළා දකී


අහිංසක වන්දනාකරුවන් පාදක කරගෙන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ බෝම්බ පිපිරවීම ඉන්දියා ජනාධිපති ප්‍රනාව් මුඛර්ජී අද හෙළා දුටුවේය.

මේ පිපිරවීම් ගැන දැඩි සංවේගය පළ කළ ජනාධිපති සාමායේ ශ්‍රේෂ්ඨ දූතයකු වන ගෞතම බුදුරජානන් වහන්සේ වෙනුවෙන් කැපවූ ශුද්ධ භූමියකදී අහිංසක වන්දනාකරුවන් හා භික්ෂූන් ඉලක්ක කරගෙන ප්‍රචණ්ඩ ක්‍රියා කිරීම අර්ථ විරහිත ක්‍රියාවක් බව කියයි.

තුවාලකරුවන් ඉක්මණින් සුවපත්වේවායි ඔහු ප්‍රාර්ථනා කරයි.

සංසුන්ව, සංයමයෙන් කටයුතු කරන්නැයි මහජනයාගෙන් ඉල්ලන ජනපති අපරාධකරුවන් නීතිය හමුවට රැගෙන ඒමට සහාය වන්නැයි ද ඉල්ලීමක් කරයි.

රටවල් 52ක් බුද්ධගයාවේ සිය පන්සල් පිහිටුවා තිබේ.