බුද්ධංගලට යන වල් අලි


අම්පාර බුද්ධංගල අභයභූමියේ සිටින වල් අලි  සවස් වන විට අම්පාර කල්මුනේ මාර්ගයේ මල්වත්ත ,වලතාපිටිය ප්‍රදේශයෙන් පාර හරහා  දීඝවාපී දෙසට ගමන් කරති.

රාත්‍රී දීඝවාපිය සහ අවට ප්‍රදේශවල කරක් ගසන මේ අලි රංචුව එළිය වැටෙන විට නැවතත් බුද්ධංගල අභයභූමිය  වෙත යන ආකාරය උදෑසන 5.30 සිට 6.45 දක්වා කාලයේදී මල්වත්ත ,වලතාපිටිය ප්‍රදේශයේදී දැක ගැනීමට හැකිය.

අද උදෑසන 5.30 සිට 6.45 දක්වා කාලයේදී අලි 200 ක පමණ රංචුවක් ඉහත මාර්ගයෙන් මාරුවු අවස්ථාව ජායාරූප වලින් දැක්වේ.